අපි (නො)දන්න MICROSOFT …
පරිගණක මෘදුකාංග ලෝකයේ ඉහළින්ම වැජඹෙන එක් දැවැන්තයෙක් තමයි Microsoft සමාගම. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් කියන මහත්වරුන් විසින් 1975 වසරේදී මේ ඇමරිකානු සමාගම ආරම්භ කළා. කලක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා හැටියට නම් දරපු බිල් ගේට්ස් මේ මොහොත වන විටත් සිය වත්කම ඇ.ඩො.බිලියන 149 ක් ලෙස පවත්වාගනිමින් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 4 වන ස්ථානය දරනවා. ඔහු මේ වන විට මෙම සමාගමේ තාක්ෂණික උපදේශක තනතුර දරන අතර සමාගමේ ප්රධාන විධායක නිලධාරියා වන්නේ සත්යා නඩෙලා මහතා.
ඇත්තටම ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මෙයාලා Windows සහ MS Office විතරක් නිශ්පාදනය කරන සමාගමක් කියලා. ඒත් අද වෙද්දි ICT ක්ෂේත්රයේ වේගවත් වෙනස්වීම් එක්ක මෙයාල හැම කෙනෙක්ටම සිද්ධ වෙලා තියනවා විවිධ නිෂ්පාදන ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒ නිසා තාක්ෂණ ලෝකයේ වෙන පෙරළි නම් නිමක් නැහැ. ඉතින් මේ පෙරළිකාරයන්ගෙන් එක් කෙනෙක් වන Microsoft, එයාලගේ ම Microsoft මෘදුකාංග විතරක් නෙමෙයි පරිගණක සහ උපකරණ, විනෝදාස්වාද ක්රීඩා, Cloud සේවාවන්, මෘදුකාංග සංවර්ධන Tools, Security Solutions සහ අධ්යාපනය සඳහා වන විවිධ නිෂ්පාදන ද ලෝකයට ඉදිරිපත් කරලා තියනවා.
Outlook , Skype , One note මෙයාලගෙ මෘදුකාංග අතරින් කිහිපයක්.
Xbox Consoles, Microsoft Surface PC, Surface Slim Pen වැනි නිෂ්පාදන මෙයාලගෙ පරිගණක උපකරණ තමයි.
පරිගණක ක්රීඩා විශාල ප්රමාණයක්, Microsoft Azure , Office 365, Windows 365 වගේ Cloud Services ගොඩාක් සහ .NET , Visual Studio වගේ Software Development Tools , Windows Server, MS Teams එහෙමත් මෙයාලගෙම දැවැන්ත නිෂ්පාදන.
තවත් ගොඩාක් අධ්යාපන මෙවලම්, Defender වගේ ආරක්ෂක මෘදුකාංග පහසුකම්, Virtual Workshops and Training පහසුකම් එහෙමත් මෙයාලා සපයනවා.
ඉතින් Microsoft කියන්නේ නිකන්ම නිකන් OS එකකුයි එදිනෙදා Office වැඩ කරගන්න MS Office Package එකයි විතරක් හදන සමාගමක්නෙ මෙයි කියන්නයි මට ඕන වුනේ. ඉදිරි Post වලින් මම බලාපොරොත්තු වෙනවා මේ කතා කරපු දේවල් වලින් අපිට ගොඩාක් වැදගත් වෙන දේවල් ගැන කතා කරලා ඒවා භාවිතා කරමින් අපේ වැඩ ඵලදායී කර ගන්නේ කොහොමද කියන දේ ගැන ඔයාලා දැනුවත් කරන්න. ඔයාලා දැනගන්න ආස මාතෘකා තියනවනම් පහළින් comment කරන්න.
Comments
Post a Comment