ඔයාගෙම පරිගණකයක් මිලදී ගැනීමට පෙර

 තමන්ගෙම කියලා ව්යාපාරයක් කරන ඔයාට, කාර්යාලයක වැඩ කරන අයට, ඒ විතරක් නෙමෙයි පෙර පාසල් යන දරුවාගේ ඉඳන් උසස් අධ්යාපනය ලබන දුව, පුතා දක්වා හැමෝට ම අධ්යාපන කටයුතු වලට හැමෝටම අත්යාවශ්ය උපකරණයක් බවට පරිගණකය පත්වෙලා.

ඒ විතරක් නෙවෙයි අද වෙද්දි ගෙදර ඉඳන්ම වැඩ කරන්න පුළුවන් (Work From Home) වගේ සංකල්පත් එක්ක ලෝකයම ගමන් කරන දිශානතිය අපිට හිතාගන්නත් බැරි තරම් ව්යාප්ත වෙලා.
උදාහරණයක් විදිහට මඟතොටේදි ඔයාට හමුවෙන වයස අවුරුදු 18 ක 20 ක පුද්ගලයෙක් තමන්ගේ නිවසේ සිට ඇමරිකානු සමාගමක් සඳහා තමන්ගේ දැනුමෙන් සේවය සපයන වෘත්තිකයෙක් වෙන්න පුළුවන්.
ඉතින් මේ වගේ කී නොකී ගොඩාක් වැඩ කර ගන්න අපිට අත්යාවශ්ය වන පරිගණකයක් මිලදී ගන්න හිතාගෙන ඉන්න ඔයාට වැදගත් වෙන දේවල් කිහිපයක් ගැන අද මට ලියන්න හිතුනා.
01. මුලින්ම ඔයාගේ අවශ්යතාවය හරියට ම තේරුම්ගන්න. ඒ කියන්නේ ඔයා මේ පරිගණකය මිලදී ගන්න ප්රධානතම කාරණය මොකක්ද?
කෙනෙක්ට ඒක සරල කාර්යාල කටයුතු ඉටුකරගන්න, අන්තර්ජාලය භාවිතා කරමින් News එකක් බලන්න Social Media වෙත පිවිසෙන්න, නැත්නම් You tube යන්න, සින්දු අහන්න වගේ විනෝදාස්වාද කටයුතු සඳහා වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට Video Editing, Photo Editing, Graphic Designing, 3D Modelling, High end Gaming වගේ ලොකු වැඩක් කරන්න වෙන්න පුළුවන්.
ඉතින් ඔයාගේ අවශ්යතාවය හරියටම තේරුම් ගන්න. ගෙදර මිදුලේ පොඩි මල් පාත්තියකට පස් ටිකක් දාන්න ඔයාට බැකෝ යන්ත්රයක් වෙනුවට විල්බැරෝවක් ප්රමාණවත්. මේකත් ඒ වගේ. 😀
02. Laptop එකක්ද Desktop එකක්ද ?
මේකත් ඔයාගේ අවශ්යතාවය අනුව තීරණය කළ යුතු දෙයක්. ඒ කියන්නේ ඔයාට නිතරම පරිගණකය තැනකින් තැනකට ගෙනියන්න වෙනවද? කියලා සලකා බලන්න ඕනි. ආරෝපනය කළ හැකි බැටරියක් සහිත Laptop පරිගණක මේ කාලේ ගොඩාක් ජනප්රිය වෙලා තියෙන්නේ මේ Portability එක නිසාමයි. ඔයාට නිවසේ, කාර්යාලයේ එහෙමත් නැතිනම් වෙළඳසැලේ ස්ථාවරව පරිගණකයක් තියා ගන්න ඕන නම් ඔයා යන්න ඕනි Desktop පරිගණකයකට. මේ දෙකේම වාසි සහ අවාසි තියනවා. Desktop පරිගණක Upgradeable. ඒ කියන්නේ පරිගණකය වේගවත් කරගන්න එහෙමත් නැත්නම් තියාගන්න පුළුවන් දත්ත ප්රමාණය වැඩිකරගන්න පසුව ඕන වුනොත් ඒ දේ කරන්න පහසුයි. ඒ නිසා තීරණය ඔබ සතුයි.
03. Budget එක
පරිගණකය සඳහා ඔයාට වැය කරන්න පුළුවන් මුදල ගැනත් ඔයා හිතන්න ඕනි. සාමාන්යයෙන් Laptop පරිගණක Desktop පරිගණක වලට වඩා තරමක් මිලෙන් වැඩි වුනත් ඒවායේ ගොඩාක් උපාංග ඇතුලත් කරලා තියනවා. ඒ කියන්නේ Display එකක්, Speakers, Web cam එකක්, Microphone එකක් Built –in Wifi card එකක් වගේම Keyboard එක වගේම Mouse එක වෙනුවට භාවිතා කරන්න පුළුවන් Touch pad එක පවා එහි ඇතුලත්. ඔයා Desktop එකක් මිලදී ගන්නවනම් මේ දේවල් වෙනම මිලදී ගන්න වෙනවා.
04. ඒ වගේම Laptop පරිගණකයකට යනවනම් එහි බර, Screen Size එක, ඒකෙ Battery Life එක ගැනත්,
ඔයා යන්නේ Desktop එකක් වුන්ත් Laptop එකක් කියන Option වලින් මොකකට වුනත් වගකීම් කාලය හා එක් එක් උපාංගය සඳහා නිශ්පාදකයාගේ වගකීමේ ස්වභාවය පිළිබඳවත් සැළකිළිමත් වෙන්න.
(පරිගණක අලෙවිකරුවෙක් එක්ක කතා කළාම අපි ඉස්සරහ අතහරින මොළේ ගැට ගැහෙන තරම් වෙන Technical හෑලි මම මේ Post එකට ඇතුලත් කළේ නැත්තේ මේ පෝස්ට් එක ගොඩාක් දිග වෙන නිසා. ඒ කරුණු ගැන අපි වෙනත් පෝස්ට් එකකින් කතා කරමු. )

Comments

Popular posts from this blog

What is an Operating System ?